Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව බදුවර්ග හා ගාස්තු

බදුවර්ග හා ගාස්තු

රැස්කරනු ලබන බදුවර්ග හා ගාස්තු

  • ව්‍යාපාර පිරිවැටුම් බදු:-
    යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් ඌව පළාත තුළ විකිණීීමේදී එහි විකුණුම් වටිනාකම මත 1% හා 5% යන ප‍්‍රතිශත යටතේ ත්‍රෛමාසිකව රැස්කරනු ලැබේ. රත‍්‍රං, මැණික්, ස්වර්ණාභරණ, ගෘහභාණ්ඩ, දැව, සිගරට්, මත්පැන් සඳහා අදාළ ප‍්‍රතිශතය 5% වන අතර අනිකුත් භාණ්ඩ හා ද්‍රව්‍යයන් සඳහා 1% කි.  (අංක:146/10 දරණ 2006.12.19 දිනැති ගැසට් පත‍්‍රය අදාළ වේ.)
     
  • මුද්දර ගාස්තු
    ඌව පළාත තුළ නිශ්චල දේපල පැවරීමේදී පිළියෙල කරනු  ලබන සාධන පත‍්‍ර සම්බන්ධයෙන් එකී සාධන පත‍්‍රය ලියා සහතික කරන ලද දිනට එම දේපලේ විවෘත වෙළඳපල වටිනාකම මත මුද්දර ගාස්තු අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ. 
    ( 1991.01.28 දිනැති ගැසට්පත‍්‍රය හා අංක:703/13 දරණ 1992.02.28 දිනැති ගැසට් පත‍්‍ර අදාළ වේ.)
     
  • උසාවිදඩ හා මුද්දර ගාස්තු
    පළාත්බද අධිකරණ විසින් අය කටයුතු සිදුකර මෙම දෙපාර්තමේන්තුවට අදාළ ගාස්තු ප්‍රේෂණ කරනු ලැබේ.
     
  • ඔට්ටු බද්ද
    පළාත තුළ හෝ පිටතදී පවත්වාගෙන යනු ලබන යම් තුරඟ තරඟයක් සම්බන්ධව පළාත තුළදී තබන ලද සෑම ඔට්ටුවකින්ම 5%ක බද්දක් අයකරනු ලැබේ.
     
  • වනසත්ව හා වෘක්ෂලතා ගාස්තු
    වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අයකර ගෙන මෙම දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණ කරනු ලැබේ.
 
ඔක්තෝබර් 2018
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

pt type="text/javascript"> var _gaq = _gaq || []; _gaq.push(['_setAccount', 'UA-27975590-30']); _gaq.push(['_trackPageview']); (function() { var ga = document.createElement('script'); ga.type = 'text/javascript'; ga.async = true; ga.src = ('https:' == document.location.protocol ? 'https://ssl' : 'http://www') + '.google-analytics.com/ga.js'; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(ga, s); })();